top of page
woman-skin-face--beautiful-healthy-skin-

London Antiaging Cosmetic Medical Clinic ආයතනයේ නිළ වෙබ් අඩවිය වෙත ඔබ සැමට සාදරයෙන් පිලිගනිමු.


දිනෙන් දින සිදුවන වෛද්‍ය විද්‍යාවේ දියුණුවට සමගාමීව බිහිවන නව සොයාගැනීම් හමුවේ, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නව පිවිසීම්ක් සනිටුහන් කරමින් London Antiaging Cosmetic Medical Clinic ආයතනය මෙසේ ඔබ වෙත හදුන්වා දෙන්නෙමු.

 

විශේෂඥ වෛද්‍ය K.L.වික්‍රමරත්න මහතාගේ සංකල්පයක් යටතේ ආරම්භ කරන ලද මෙම ආයතනය තුළින් ඔබගේ රූපලාවණ්‍ය ගැටලු රාශියකට වෛද්‍ය ක්‍රමවේදයන් වලට අනුකූලව ප්‍රායෝගිකව පිළිතුරු ලබාදීමට සූදානමින් සිටී.

beauty-youth-skin-care-concept-close-up-

වසර 20ක පමණ කාලයක් මුළුල්ලේ සිටම වෛද්‍ය අංශයේ කඩඉම් පසුකරමින් ඉදිරියට පැමිණි විශේෂඥ වෛද්‍ය K.L.වික්‍රමරත්න මහතා කැනඩාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ තම වෛද්‍ය වෘත්තිය තුළින් ගෞරවයට හා ජනතා ප්‍රසාදයට පාත්‍ර වී ඇත.


එලෙස තම වෘත්තියේ ලද මහඟු වූ අත්දැකීම් තුළින් නෙලාගන්නා වූ සාර්ථක ප්‍රතිඵලයක් ලෙසට මෙම London Antiaging රූපලාවණ්‍ය සායනය ශ්‍රී ලාංකීය ජනතාවට, තම මහත් වූ සේවාවන් රැසක් ලබා දීම පිළිබඳව ප්‍රශංසාවටද භාජනය වී ඇත.

මෙම ආයතනයේ ප්‍රධාන වශයෙන් රූපලාවණ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන විශේෂඥ වෛද්‍ය K.L.වික්‍රමරත්න මහතාට අමතරව, පළපුරුදු ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් සහ කාරුණික හෙද හෙදියන් මෙන්ම, කාර්යක්ෂම සේවක පිරිසක්ද සේවය කරන අතර, ඔබගේ ඕනෑම ආකාරයේ රූපලාවණ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ලබාදීමට London Antiaging Cosmetic Medical Clinic ආයතනය නිබදවම සූදානමින් සිටියි.

හුදෙක් රූපලාවන්‍ය කටයුතු සඳහා විශාල මුදලක් වියදම් කරමින්, විදෙස් ගතව ප්‍රතිකාර ලබා ගැනීම දැන් ඔබට කිසිසේත්ම අවශ්‍ය නොවන අතර, London Antiaging Cosmetic Medical Clinic ආයතනය මගින් ඔබට අවශ්‍ය සියලුම දේ, සියලුම සේවාවන්, සාධාරණව, විශ්වාසවන්තව ලබාදීමට කැපවී සිටින අතර, නවීන තාක්ෂණික රූපලාවණ්‍ය ක්‍රමවේදයක් වන ලේසර් ප්‍රතිකාර ක්‍රමයද අප සතුව පවතින බවට ඔබ වෙත දැනුම් දීමට කැමැත්තෙමු. එමෙන්ම,

 

  • ඇස් යට කලු වීම හා වලගැසීම ඉවත් කිරීම.

  • කුරුලෑ ලප කැලල් ඉවත් කිරිම.

  • සම සුදු කිරීම.

  • අනවශ්‍ය රෝම සදහටම ඉවත් කිරීම.

  • වයෝවෘද්ධ පෙනුම ඉවත් කිරීම සහ සම රැලි ගැසීම වැළැක්වීම. 

  • කන්‍යාපටලය නැවත සැකසීම.

  • යෝනි මාර්ගය සංකෝචනය කිරීම.

  • ශිෂ්ණය වර්ධනය කිරීම.

  • ක්ෂණික මෝචනය.

  • නෂ්ඨකාමයට ප්‍රතිකාර.


වැනි සියලුම ලිංගික ගැටලු සඳහාද ප්‍රතිකර්මයන් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ. නව තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින්,  නවතම වෛද්‍ය ක්‍රමවේදයන්වලට වලට අනුකූලව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නාමයක් දිනා ගෙන ඇති London Antiaging Cosmetic Medical Clinic ආයතනය වෙත යොමු වී, ඔබගේ සියලුම ගැටලුවලට නිත්‍ය හා සාර්ථක පිළිතුරු ලබා ගන්නා ලෙසට මෙයින් සතුටින් දන්වා සිටිමු.

bottom of page